ලෝක බැංකුවේ සභාපති ධුර තරඟයට සමන්තා පවර්ගේ නමත් ඇතුළත් වෙයි
ලෝක බැංකුවේ සභාපති ධුරයට තරඟ කිරීම සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ලැයිස්තුවක් අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් මේ වනවිට සකස්කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහි අපේක්ෂකයන් අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු අමෙරිකානු තානාපතිනි සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් යූඑස්ඒඩ් ආයතනයේ වත්මන් ප්‍රධානී සමන්තා පවර්ගේ නම ද වන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් නගෝසි ඔකොම්ජෝ සහ රොක් ෆෙලර් පදනමේ සභාපති රාජ් ෂා මෙන්ම අමෙරිකානු හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ ජ්‍යෙෂ්ඨ සහයකයෙකු වන ගයිලි ස්මිත් ද වන බව සඳහන්.
ලෝක බැංකු සභාපති ලෙස කටයුතු කරන ඩේවිඩ් මැල්පාස් අනපේක්ෂිත ලෙස මෙම සතියේ නිවේදනය කර සිටියේ තමන් ජූනි මාසයේ සිට සිය ධුරයෙන් ඉවත්වන බවයි.