ප්‍රේම සම්බන්ධය බිඳ වැටීම නිසා පාසල් දැරිය සිය දිවි නසා ගනියි
ප්‍රේම සම්බන්ධයක් මුල් කර ගනිමින් පාසල් සිසුවියක් සියදිවි හානි කරගෙන ඇති බව මැදවච්චිය පොලිසිය පවසනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ, මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි සංගිලිකනදරාව පදිංචි තිළිණි නවෝද්‍යා නැමැති 16 හැවිරිදි සිසුවියක්.
මිය ගිය සිසුවිය සමග කෙටි කාලයක් ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වූ වෙනත් පාසලක සිසුවකු එම සම්බන්ධතාවය නවතා දැමීමට කටයුතු කර ඇති බවත්, එම විරහ වේදනාව දරා ගැනීමට නොහැකි වූ සිසුවිය යම් පෙති වර්ගයක් පානය කර මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවත් මූලික පොලිස් විමර්ෂණ වලින් අණාවරණය වී තිබෙනවා.
මෙම සිසුවියගේ මව මීට වසර කිහිපයකට පෙර සිට විදෙස් ගත වී සිට ඇති අතර සිසුවිය පියාගේ රැකවරණය හමුවේ පෝෂණය වී අධ්‍යාපනය හදාරා තිබෙනවා.
අදාළ සිසුවිය පවුලේ බාල දියණිය වන අතර ඇයට පිරිමි සහෝදරයෙක් ද සිටින බවයි වාර්තා වන්නේ.
දැරිය වෙනදාට වඩා වෙනස් ආකාරයෙන් හැසිරෙණ අයුරු දැක ඇති පියා උදෑසන ඒ පිළිබඳ විමසිලිමත්ව සොයා බලා ඇති වුවත් ඒ වන විටත් මෙම සිසුවිය මෙම පෙති වර්ගය පානය කර සිට තිබෙනවා.
අනතුරුව දැඩි ලෙස අසනීප තත්ත්වයට පත් වූ සිසුවි් කඩිනමින් මැදවච්චිය රෝහල වෙත ඇතුළත් කිරීමට එම පියා කටයුතු කිරීමෙන් එහිදී මූලික ප්‍රතිකාර කර සිසුවිය වැඩි දුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරු කර යැවීමට මැදවච්චිය රෝහල් බලධාරින් කටයුතු කර ඇති බව වාර්තා වනවා.
එහිදී ප්‍රතිකාර ලබමින් සිටි මෙම සිසුවිය මිය ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මැදවච්චිය පොලිසිය සිදුකරනවා.