ළමුන් සමග නර්තනයේ යෙදුණු ගුරුවරියට ලැබුණ තීන්දුව
ඔක්තෝම්බර් මස 1 වනදා ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් මීගමුව කදිරාණ කණිෂ්ඨ විද්‍යාලයේ පැවැත්වූ උත්සවයකදී පාසල් ගුරුවරියක් සිසුන් පිරිසක් සමග නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය තුළ කැළඹීමක් සිදුකළා.
ඒ අනුව එම ගුරුවරියගේ නර්තනයට අදාළව සිදුකළ විමර්ශන කටයුතු පිළිබඳව දැනුම් දෙමින් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ, අදාළ ගුරුවරියගේ නර්තනයට අදාළ සිදුවීම පාසල තුළ ළමා දිනය වෙනුවෙන් ගුරු සිසු සහභාගීත්වයෙන් සිදුවූ සාමූහික ක්‍රියාකාරකමක් බවට පෙනී යන බවයි.
ඒ අනුව මේ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන බවට කාරුණිකව දන්වන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබෙනවා.