Latest News

සීතා ,ගීතා , ඩයනා රාජ්‍ය අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දෙයි

නව රජයේ රාජ්‍ය අමාත්‍යවරු 38 දෙනෙකු දිවුරුම් දීම අද (08) උදැසන සිදු කෙරුණා.

ඒ අනුව නව රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

මෙහිදී රාජ්‍ය අමාත්‍ය ධූරයන්හි අමාත්‍යවරියන් තිදෙනෙකු දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙනු ලැබුවා.

ගීතා කුමාරසිංහ මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දී තිබෙනවා.

ඩයනා ගමගේ මහත්මිය සංචාරක රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබෙනවා.