SI ලෙස පෙනීසිටි පුද්ගලික ආයතන රියදුරු
සමාජ මාධ්‍ය හරහා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස ව්‍යාජව පෙනීසිටි පුද්ගලයකු පන්නිපිටිය පොල්වත්ත ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රියේ අත්අඩංගුවට ගෙනතිබේ.
මේබව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
අද (16) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු වරද පිළිගත් බැවින් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහරින ලෙස අධිකරණය නියෝග කර තිබේ.
අපරාධ කරුවන් හා වරෙන්තු කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමක් අතර තුර ලැබුන තොරතුරක් මත එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
මොහු වට්ස් ඇප්, ඉමෝ හා වයිබර් මෙන්ම මුහුණු පොත හරහා තමා ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු බව හැඟවෙන පරිදි පෙනිසිට තිබේ .
35 හැවිරිදි සැකකරු බටලන්ද, පාර රක්වාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බවද පැවසෙනවා. විවාහක පුද්ගලයකු වන මොහු රැකියාව සඳහා ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුද්ගලික ආයතනයක රියදුරු වශයන් රැකියාව සිදුකරන පුද්ගලයක් බවත් අනාවරණය කර ගෙන ඇත.
උප පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් සිටිමින් කිසියම් අපරාධයක් සිදුකර ඇති දැයි සොයා විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවද පොලීසිය සඳහන් කරයි.