“Skills” ශ්‍රී ලංකා වැඩසටහන ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ
“හැකියාවෙන් පිරිපුන් පරපුරක් ” යන්න තේමා කර ගනිමින් “Skills” ශ්‍රී ලංකා වැඩසටහන ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) දින පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අරඹා ඇත.
ලෝක ආරථිකයට සහ වැඩබිමට ගැලපෙන නිපුණතා සපිරි සහුරු මානව සම්පතක් ඇතිකිරීමේ අරමුණ පෙරදැරිව නිපුණතා සංවර්ධන හා වෘත්තිය අධ්‍යපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්යංශය වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.
“Skills” ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පාසල් හැරගිය තරුණ කොටස් සහ රැකියා වියුක්ත මෙන්ම නියුක්ත නිපුණතා රහිත පිරිසගේ කෙටිකාලින වශයෙන් අංශ 08ක් ඔස්සේ නිපුණතා සංවර්ධනය සිදුකෙරේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිළ නිවේදනය පහතින් දැක්වේ