News

STF ලොක්කට ටයිකොන්ඩෝ කළු පටි 05 වන ශ්‍රේණියේ ගෞරව සහතිකය හිමිවෙයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට ටයිකොන්ඩෝ කළු පටි 05 වන ශ්‍රේණියේ ගෞරව සහතිකය හිමි වි ඇත.

ඒ ඊයේ (25) කොරියානු තානාපති කාර්යාලයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එම ගෞරව සම්මානය පුද කරනු ලබුවේ කොරියානු තානාපතිවරයා විසින් වන අතර ටයිකොන්ඩෝ ක්‍රිඩාවට කළ මෙහෙවර වෙනුවෙන්, නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට කොරියානු ලෝක ටයිකොන්ඩෝ මූලස්ථානය විසින් මෙම සහතිකය ප්‍රධානය කර ඇත.

මෑත ඉතිහාසයේදී මත්කුඩු ජාවාරම් මැඩපැවැත්වීම සඳහා මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක වන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ නායකත්වයෙන් යුත් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින්ය.