Attanayake M Herath

මගේ ප්‍රින්සිපල් ලෙඩ වුණාම බලාගන්න මම කවදාහරි වෛද්‍යවරියක් වෙනවා

පේරාදෙණිය රාජකීය විද්‍යාලයෙන් එක්තරා දවසක මට ආරාධනාවක් ලැබුණා. ඒ ඉස්කෝලේ විදුහල්පතිවරයා විශ්‍රාම යන දවසේ සිසු දෙමාපියන් අමතා ගුරුවරු පිළිබඳ අනුස්මරණ දේශනයක් කිරීමට. ඒ විදුහල්පතිතුමා මං දැනගෙන හිටිය කෙනෙක් නෙවෙයි. ඒත් මං ආරාධනය භාරගත්තා. රෝයල් විද්‍යාලය පිරිමි විද්‍යාලයක්.
Read More »

බබෙක් හම්බවෙන්න ගියපු දුවෙක් නිසා පාසලේ විදුහල්පතිනියට ජීවිතයෙන් සමුගන්න වුණා

දූලට අද මං කියන්න යන්නේ අපේ දුවක් කරගත්ත විනාශයක් ගැන කතාවක්. මම ඒ සිද්ධිය වුණේ මොන පළාතේද කියන එක නොකියා සිද්ධිය විතරක් කියන්නම්.
Read More »

පැනලා යයි කියන බයට ඒ මනුස්සයා මේ කෙල්ලට ඇඳුමක්වත් අඳින්න දීලා තිබුණේ නෑ

ඇඳ රෙද්දකින් ඔතලා ඇයව පොලිසියට ගෙනාවා. ඊටපස්සේ කෑගල්ල රෝහලට ඇතුළත් කරා. කන්න විතරක් දීලා ඇයව සිරකරගෙන සිටියත් ඔහු ඇයට කිසිඳු ලිංගික හිරිහැරයක් කරලා තිබුණේ නැහැ
Read More »

ඇස් ගෙඩි දෙකට හෙණ ගහලද මව්වරුනේ??

ඒ කොල්ලො දෙන්නව දැකපු ගමන් මේ ගෑනු දරුවා ආපහු සැරයක් හොඳටම බයවෙලා කඩාගෙන බිඳගෙන දුවන්න හැදුවා. ඒත් මගේ රියැදුරු මහත්තයත් තරුණයෙක් නිසා ඒ දුවට දුවන්න නොදී බයවෙන්න එපා කියලා මොකද වුණේ කියලා විස්තර අහලා බැලුවා. එතකොට තමයි දැනගන්න ලැබුණේ අර ආපු කොල්ලෝ දෙන්නගෙන් එක්කෙනෙක් මේ ගෑනු දරුවගෙ පෙම්වතා කියලා
Read More »

වෛවාරණ විච්චූරණ කරන දූලට කතා හදන්න ඉක්මන් වෙන්න එපා

අද කතාව පටන්ගන්න කලින් මේ ගැනත් විශේෂයෙන් සඳහන් කරන්න ඕන කියලා මම හිතුවා. ‘ධරණී’ ට මා ලියන්නේ දියණිවරුන් පිළිබඳ ලිපි පෙළක්. මොකද ‘ධරණී’ මගෙන් ඉල්ලීමක් කළේ විශේෂයෙන් දූලා ගැන ලියන්න කියලා. මේ දිනවල මම මගේ ජීවිත කතාව ‘නමුණුකුළෙන් හන්තානට’ කියලා ලියලා ඉවරයි.
Read More »

හුන්නස්ගිරි දෙවඟන වගේ ඒ දුව ආපහු නොඑන්නම ගියා

“සුගත් මට ඔයා නැතුව ඉන්න බැහැ. අපි මහවැලි ගඟට පැනලා මැරෙමු.” සුගත් ගත්කටටම “හා” කිව්වා. දෙන්නා ලිපි දෙකක් ලිව්වා. ලියලා මහවැලි ගඟට ඉහළින් ගලක් උඩ තියලා දෙන්නම මහවැලි ගඟට පැන්නා
Read More »

තාත්තේ උඹ නියම පිරිමියෙක් නෙවෙයි ඒ නිසා අම්මගේ ඇඳුමක් මහලා ඇඳගනින්

ඒ කාලේ මගේ අතේ කොයිවෙලාවෙත් කැමරාව වරදින්නේ නෑ. මොකද මම හරි ආසයි තරුණ දරුවෝ එක්ක ගමන්බිමන් යනකොට උන්ට නොදැනෙන්න උන් කරන මගෝඩි වැඩ සේරම ෆොටෝ ගහන්න

- ලංකා ඉතිහාසය වෙනස් කළ පුතෙකුගේ කතාවක් -

Read More »

තාත්තා නොබී ඉන්න හැදුවත් අම්මා ඒකට ඉඩ දෙන්නෙ නෑ

බුදුන් වහන්සේ සැමියට නංගි කෙනෙක් වගේ ඉන්න කියලා කිව්වේ ඔහුට ජ්‍යේෂ්ඨ සහෝදරයෙකුට වගේ ගරුබුහුමන් දක්වන්න කියන එකට මිසක් මගේ අයියා, මගේ නංගි කියලා ලොකු හාට් එකක් දාලා ෆෝන් එකේ නොම්මරේ සේව් කරගන්න එකටවත්, මගේ සුදු නංගියා කියලා අතේ පයේ පච්චයක් කොටාගන්න එකටවත් නෙවෙයි
Read More »

ඇත්තටම පිරිමි ගැහැනුන්ට රැවටෙනවද?

ජාතක කතා පොතේ එන වාතලිග ජාතකයේ සඳහන් වෙනවා, එක්තරා සිටු පවුලක ඉඳපු ඉතාමත් ජවසම්පන්න කඩවසම් සිටු කුමාරයෙක් ගැන. හැබැයි සැපසම්පත් කොච්චර තිබුණත් මේ සිටු කුමාරයාට ගිහි ජීවිතය ගැන කළකිරීමක් ඇරෙන්න කිසිම පැහැදීමක්නම් තිබිල නෑ.
Read More »