Latest News

කාන්තාවන්ට පොදු ස්ථානවල දිය නෑම තහනම්

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයේ ඇතැම් පළාත්වල කාන්තාවන්ට නාන තොටුපළ ඇතුළු පොදු ප්‍රසිද්ධ ස්ථානවල දියනෑම තහනම් කර තිබෙනවා.

උස්බෙකිස්තානයට යාබද උතුරැ බල්ක් ප්‍රාන්තයේ ආගමික ප්‍රධානීන් ඇතුළු බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බව කම්මා පුවත් සේවය වාර්තා කළා.

‍ඒ අනුව කාන්තාවන්ට දිය නෑ හැක්කේ පෞද්ගලික ස්ථානවලින් පමණක් වනවා.

කෙසේවෙතත් පිරිමින්ට පමණක් පොදු ස්ථානවලින් දිය නෑමට අවසරය හිමිව තිබෙනවා.

සිය නිවසේ පෞද්ගලිකව දිය නෑමට පහසුකම් නොමැති කාන්තාවන්ට වෙනත් පෞද්ගලික ස්ථානයකට ගොස් දිය නෑ හැකි අතර එහිදී ද හිජාබයෙන් සැරසී සිටීම අනිවාර්ය කර ඇති බව සදහන්.

මීට අමතරව බාලවයස්කාර පිරිමි දරැවන්ට ද පොදු ස්ථානවල දිය නෑම තහනම් කර ඇති අතර පොදු ස්ථානවල දිය නෑමේදී පිරිමින් අතර සිරුරු සම්භාහනය කිරීම ද තහනම් කර තිබෙනවා.

මීට පෙර ඇෆ්ගනිස්තානයේ බටහිර හේරාට් ප්‍රාන්තයේ බලධාරීන් ද කාන්තාවන් පොදු ස්ථානවලින් දිය නෑම තහනම් කරනු ලැබ තිබුණා.