තිළිණි ප්‍රියමාලි විමර්ශනයක් සඳහා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට
ආන්දෝලනාත්මක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි අද (12) බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ලබාගත් විශේෂ නියෝගයක් මත විමර්ශන කටයුත්තක් සඳහා ඇයව මෙලෙස ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.
ඇයව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තවත් ස්ථාන තුනකට රැගෙන යාමට නියමිතව තිබෙනවා.
මේ අතර තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් CID වෙත පැමිණිලි 08 ක්,රුපියල් කෝටි 250ට අදාළව ලැබී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව පවසනවා.