News

TNA හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේනට වසර 4ක සිර දඬුවම්

දෙමළ ජාතික සන්ධානයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පොඩිඅප්පු පියසේනට කොළඹ මහාධිකරණය විසින් වසර 4ක සිර දඬුවමක් නියම කර ඇත.

ඒ රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවකට අදාළව වරදකරු කරමින්.
එයට අදාළ නඩුව ඊයේ (6) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ කැදවූ අතර එහිදී නියෝග කෙරුණේ රුපියල් ලක්ෂ 54ක දඩයක් ගවන ලෙසය. එය නොගෙවන්නේ නම් අමතර අවුරුදු දෙකක සිර දඬුවම් නියම වන බව ද මෙහිදී විනිසුරුවරයා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ ආර්ථික කටයුතු දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් සාවද්‍ය සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාව මොහුට එල්ල වී ඇත.