Latest News

දුෂණය පිටුදැකීමට කිසිදු කාර්යයක් නොකළ රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර ආයතනය විසින් එළිදැක්වූ නවතම දූෂණ සංජානන දර්ශකයට අනුව දූෂණය පිටුදැකීම සඳහා කිසිදු කාර්යයක් නොකළ රටවල් අතර ශ්‍රී ලංකාව තව දුරටත් ඉදිරියෙන් සිටිනවා.

දූෂණ සංජානන දර්ශක පරිමාණය, ලකුණු 0 බෙහෙවින් දූෂිත සිට ලකුණු 100 ඉතා පිරිසිදු යන ආකාරයට ශ්‍රේණිගත කරන අතර පසුගිය වසරේ (2021) ශ්‍රී ලංකාව ලබාගත් අගය 37ක් වනවා.

ශ්‍රී ලංකාව 2020 වසරට වඩා ස්ථාන අටක් පහතට වැටෙමින් 2021 වසරේ 102 වන ස්ථානයට පත්ව ඇත.

ලෝක බැංකුව, ලෝක ආර්ථික සමුළුව, පෞද්ගලික අවදානම් සහ උපදේශන සමාගම්, බුද්ධි මණ්ඩල සහ වෙනත් පාර්ශ්ව ඇතුළුව බාහිර මූලාශ්‍ර 13 කින් ලබාගත් තොරතුරු පදනම්ව ලොව පුරා රටවල් 180 ක රාජ්‍ය අංශයේ දූෂිත ක්‍රියාකාරකම් මෙහිදී සැළකිල්ලට ලක්කර තිබෙනවා.

ඩෙන්මාර්කය, පින්ලන්තය සහ නවසීලන්තය ලකුණු 88 බැගින් ලබා දර්ශකයේ පෙරමුණේ සිටිනවා.

දකුණු සුඩානය ලකුණු 11 ක් ලබා අවසන් ස්ථානයේ පසුවෙයි.

සෝමාලියාව සහ සිරියාව ලකුණු 13 බැගින් ලබා සිටියි.