සිය බිරිඳගේ ඝාතනය සම්බන්ධයෙන් සැමියා වසර 14ට පසු අත්අඩංගුවට
සිය බිරිඳට පොල්ලකින් පහරදී අමානුෂික ලෙස ඝාතනය කළ පුද්ගලයෙකු වසර 14කට පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අමානුෂික ඝාතනය 2007දී සිදුව ඇති අතර සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරින් විසින් සිදුකළ විමර්ශනයකදී මෙලෙස සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
2007 වසරේ සැකකරු තලවකැලේ තැපැල් කාර්යාලයේ සේවය කර ඇති අතර, ඔහු එවකට තලවකැලේ වටගොඩ වත්තේ පදිංචිව සිට ඇති බව අනාවරණය වී ඇත.
අදාළ සැකකරුගෙන් පහරකෑමට ලක්ව ඔහුගේ බිරිඳ මියයනවිට ඇය 49 හැවිරිදි වියේ පසුව ඇත.
මෙහිදී සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය මහෙස්ත්රාත් අධිකරණය විසින් 2009 වසරේ නිකුත් කළ නියෝගයක් මත කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරින් විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලිස් විමර්ශනවලදී 74 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු ඇඹිලිපිටිය තුංකම ප්රදේශයේ වසර 14ක් තිස්සේ රැඳී සිටින බව අනාවරණ වී ඇත.
ඒ අනුව පොලිසිය විසින් සැකකරු ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇති අතර අද (23) දිනයේ නුවරඑළිය මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.