සැමියා ඝාතන සිද්ධියට නීතිඥ බිරිඳ අත්අඩංගුවට
ඇසිඩ් ප්රහාරයක් එල්ලකර සිය සැමියා ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් කාන්තාව 38 හැවිරිදි වියේ පසුවන අතර එම පිරිස අතර ඇයගේ 64 හැවිරිදි වියේ පසුවන බාප්පා සහ 36 හැවිරිදි වියේ පසුවන සහෝදරයා ද සිටිනවා.
අත්අඩංගුවට පත්ව ඇති අදාළ කාන්තාව නීතිඥවරියක් ද වන බවයි වාර්තා වන්නේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ, අගලවත්ත, කැකුලන්දල ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.
පවුල් ආරවුලක් මත අදාළ පුද්ගලයාට ඇසිඩ් ප්රහාරය එල්ලවී ඇති බවට පොලීසිය සැකපළ කරනවා.
මියගිය පුද්ගලයාගේ නැගණිය විසින් ඔවුන්ට විරුද්ධව මෙම ඝාතන චෝදනාව එල්ලකර තිබෙනවා.
කෙසේවෙතත් සැකකාර නීතිඥවරිය ප්රකාශ කර ඇත්තේ, සිය සැමියා විසින්ම ඔහුගේ සිරුරට ඇසිඩ් ප්රහාරයක් එල්ලකරගත් බවයි.
ඇසිඩ් ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් විමර්ශන මගින් අනාවරණවී ඇත්තේ, මියගොස් ඇති පුද්ගලයා අනුරාධපුර ප්රදේශයේ රැකියාවක නිරතව සිට ඇති අතර කලක් විදෙස්ගතව සිට ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් මතුගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.