ලෝක කුසලාන කාන්තා 20යි විස්ස තරඟාවලියේ ජය ඕස්ට්‍රේලියාවට
08 වන වරටත් පැවැති ලෝක කුසලාන කාන්තා 20යි විස්ස තරඟාවලියේ අවසන් තරඟය ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඊයේ (26) සමත්ව වුණා.
ඒ සත්කාරක දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලකුණු 19කින් පරාජයට පත්කරමින්.
තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 156ක් රැස්කිරීමට සමත් වුණා.
එහිදී ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ Beth Mooney නොදැවී ලකුණු 74ක් රැස්කළ අතර Ashleigh Gardner ලකුණු 29ක් රැස්කළා.
පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම වෙනුවෙන් Shabnim Ismail සහ Marizanne Kapp කඩුලු 2ක බැගින් දවා ගත්තා.
ඒ අනුව ලකුණු 157ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 137ක් පමණයි.