ආර්ථික හතරක කඩ නුවරඑළියේ ගොවීන්ට
එළවළු මිල ඉහළ යාම දිගින් දිගටම පාලනය කිරීමට නොහැකි වුවහොත් බස්නාහිර පළාතේ ආර්ථික මධ්‍යස්ථානවලට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් යොදවා එළවළු සහන මිලට පාරිභෝගියාට සැපයීමට කටයුතු කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ පැවසීය.
වේයන්ගොඩ, වැලිසර, නාරාහේන්පිට, රත්මලාන සහ පිළියන්දල ආර්ථික මධ්‍යස්ථානවල සියලු වෙළෙඳසල් ලබන වසරේ (2021) පෙබරවාරි මාසයේ සිට නුවරඑළියේ එළවළු ගොවීන්ට, බිත්තර නිෂ්පාදකයින්ට සහ කුකුල් මස් නිෂ්පාදකයින්ට ලබාදෙන බවද ඇමැතිවරයා කීවේය.
එසේ කිරීමෙන් අනතුරුවද එළවළු මිල ගණන් ඉහළ ගියහොත් බස්නාහිර පළාතේ ආර්ථික මධ්‍යස්ථානවලට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් එළවළු තොග ගෙනැවිත් අමාත්‍යාංශ නිලධාරීන් යොදවා ඒවායෙහි පාලනය සිදු කරන බව ඇමැතිවරයා කීවේය.
සාලිය කුමාර ගුණසේකර