කතරගම දේවාල භූමිය තුළදී පුද්ගලයෙකු ගිනි තබා ගනි
රුහුණු කතරගම මහා දේවල භූමිය තුළදී අද පෙරවරුවේ පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගෙන ඇත.
පිළිස්සුම් තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කරන අතර ගින්නෙන් මහා දේවාලයට යාබදව පිහිටි විහාරගෙයි කොටසකට ද හානි සිදු වී ඇත.
පොලීසිය, ගිනි නිවීම් ඒකකය සහ ප්රදේශවාසීන් එක් ව එම ගින්න මැඩපවත්වා ඇති බව වාර්තා වෙයි.