News

කොවිඩ් ආසාදිතයෙක් ඇවිත් MRI සේවකයින් බරපතල අනතුරක

වෛද්‍ය පර්‌යේෂණායතන (MRI) පරිශ්‍රයේ පවත්වාගෙන යන ළය රෝග සායනයට කොවිඩ් ආසාදිතයකු ඊයේ (25 වැනිදා) දිනයේදී පැමිණ ඇති අතර, ඔහුගේ ආශ්‍රිතයන් පස්දෙනකු නිරෝධායනයට යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම පුද්ගලයා වෛද්‍ය පර්‌යේෂණායතනයේ ආපනශාලාව වෙත හා ඒ අවට පරිසරයේ සැරිසරා ඇති බවටද තොරතුරු හෙළිව ඇතැයි අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පවසයි.

කෙසේ නමුත් වෛද්‍ය පර්‌යේෂණායතනයේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා කිසිදු ක්‍රමවේදයක් මේ දක්වා ක්‍රියාත්මක නොවන බව කියයි.

මේ අනුව කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ආරක්ෂාව වහාම සලස්වන්නැයි ඉල්ලා සෞඛ්‍ය බලධාරීන්ටද ඉදිරිපත් කිරීමට ලිඛිත ලියවිල්ලකට ඊයේ දිනයේදී අත්සන් තැබූ බවද එම ප්‍රකාශකයා සඳහන් කරයි.

ශ්‍රියානි විජේසිංහ