News

තරුණිය ඝාතනය කළ’ SIගේ මළ සිරුර ප්‍රථමයෙන් දුටු පුද්ගලයා විස්තරය කියයි

 

වේල්ල විදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක් තුල දමා තිබියදී සොයාගත් හිස නැති කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලදී හඳුනාගත් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර පළමුවෙන් දැක ඇත්තේ වයස්ගත පුද්ගලයකු සහ ඔහුගේ බිරිඳයි.

මළ සිරුර පළමුවෙන් දුටු පුද්ගලයා’ ඔහු තම බිරිඳ සමඟ රබර් කිරි කැපීමට ගොස් තිබිය දී අද (03) උදෑසන 5.30ට පමණ උප පොලිස් පරීක්ෂකවරයා ගසක එල්ලී සිටින අයුරු දැක තිබේ.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර ඔහුගේ නිවස ආසන්නයේ රබර් වත්තක දී සොයා ගෙන ඇත. මළ සිරුර ආසන්නයේ තිබී “වස කුප්පියක්“ ද සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

මියගොස් සිටින උප පොලිස් පරීක්ෂකවරයා 52 හැවිරිදි, බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කළ නිවාඩු ලබා සිටි අයෙකි.

ඒ පිළිබඳ අදහස් දැක්වු මළ සිරුර ප්‍රථමයෙන් දුටු පුද්ගලයා,

“මගේ නෝනා කිරි කපනවා. එයාගේ තනිවට මම එතනට ගියා. එළිය වැටෙනකල් මම හැමදාම යනවා. එයා කිරි කපනකල් මම ටෝච් එක කන්දේ ඈතට අල්ලනවා. එළිය අල්ලනකොට පඹයෙක් වගේ මොකද්ද එකක් තියෙනවා. මම බැලුවා මේ රබර් ගහ ද කියලා. මගේ ඇස් පේනවා අඩුයි. මම නෝනගෙන් ඇහුවා කවුද කියලා බලන්න කියලා. මෙහෙම කතාවකුත් තිබ්බනේ. එල්ලිලා කියලා එයා කිව්වා. අපි දෙන්නත් එකක් ම ආයේ කිරි කැපුවේ නෑ. අපි දුව ගෙන ම ගෙදර ආවා. 5.30ට විතර දැක්කේ. ඒ කරලා පුතාලට කිව්වා. පුතයි මායි ආපහු ගියා. ඊට පස්සේ පුතා කිව්වා අහවලා කියලා. ඊයේ රාළහාමිලා මෙතනින් ගියා. යන ගමන් ඇහුවනේ ප්‍රේමසිරි කියලා කෙනෙක් දැක්කේ නැද්ද ඇහුවා. ඒ වෙලාවේ ගිහින් හෙව්වට හොයා ගත්තේ නෑ. එච්චරයි දන්නේ.“