News

පැය 4කට පසු රනිල් ආපසු යයි

ප්‍රකාශයක් ලබාදීමට පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැය 4කට පසුව පිටව ගොස් ඇත.

තවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා අද දින (31) පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ ඇත. ඔහු එහිදී පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශ ලබාදී ඇත.

පසුගිය අගෝස්තු 26 වන දින පැය 9ක කාලයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගත්තා.