පොල් මිල කරටියට
විවෘත වෙළෙඳපොළේ පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 85ක් දක්වා ඊයේ (18 වැනිදා) ඉහළ ගොස් ඇත. පොල් ත්‍රිකෝණයෙන් බැහැර දිවයිනේ ප්‍රධාන නගර උප නගරවල පොල් මිල මෙලෙස ඉහළ ගොස් තිබිණි.
කුඩාම ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 40 දක්වා ඉහළ ගොස් ඇත. සාමාන්‍ය පොල් ගෙඩියක මිල සති තුනකට පමණ පෙර රුපියල් 55ක පැවැති අතර ඊයේ (18 වැනිදා) රුපියල් 80ත් 85ත් අතර දක්වා ඉහළ ගොස් තිබේ.
රුපියල් තිහකට අලෙවි කළ කුඩාම පොල් ගෙඩියක මිල රුපියල් 40 දක්වා ඉහළ ගොස් ඇත. පොල් ඵලදාව සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙන් පොල් හිඟය ඇතිවී ඇතැයි පැවැසේ.
ඊයේ (18 වැනිදා) දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයට පොල් ගෙඩි දස දහසක් පමණ ලැබුණ බව එහි වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක පැවැසීය.
ගල්නෑව බුල්නෑව සහ මහවැලි කලාපවලින් දඹුල්ල තොග වෙළෙඳපොළට පොල් සැපයෙයි. දඹුල්ල තොග වෙළෙඳපොළේ පොල් ගෙඩියක තොග මිල රුපියල් 65ක් දක්වා පැවැතී ඇත.
පවතින පොල් හිඟය උත්සව සමයේදී තවදුරටත් උග්‍ර වනු ඇති බවත් මිල ඉහළ යාමේ අවදානමක් පවතින බවත් පොල් ඉඩම් හිමිකරුවෝ සහ පොල් තොග වෙළෙන්දෝ පවසති.
සුනිල් රූපසිංහ