News

ලංකාවේ මුදලින් ඉගෙන ගෙන වෙද්දු 95ක් පොලු තියලා

පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වීමෙන් පසු නැවත සේවයට නොපැමිණීම ඇතුළු ගිවිසුම් කඩකළ වෛද්‍යවරුන් අනූපස් දෙනකුගෙන් රුපියල් අටකෝටි දහනව ලක්ෂයකට අධික මුදලක් රජයට අය විය යුතුව තිබේ.

පශ්චාත් උපාධිය ලැබීමෙන් පසු රාජකාරි කළ යුතු අනිවාර්ය සේවා කාලය ලබා නොදීම මෙන්ම වැටුප් රහිත නිවාඩු ලබා විදේශ ගත විමෙන් පසු යළි සේවයට වාර්තා නොකිරීම යන වැරැදි කළ වෛද්‍යවරු ද මේ අතර වෙති.

මේ බව අනාවරණය වන්නේ විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අලුත්ම වාර්තාවෙනි.

මීට අමතරව සේවය හැර ගිය වෛද්‍යවරුන් 107 දෙනකුගෙන් අය කර ගත යුතුව තිබූ මුදල් පිළිබඳ නිවැරැදි තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොතිබූ බවද විගණකාධිපතිවරයා කියයි.

නිලන්ත මදුරාවල