ලතා මංගේෂ්කාර්ගේ නිවසට මුද්‍රා තබයි
ඉන්දීය අසහාය ගායිකාවක වන ලතා මංගේෂ්කර්ගේ මුම්බායි හි පිහිටි නිවසට ආරක්ෂිත පියවරක් වශයෙන් මුද්‍රා තබා ඇත. මේබව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
එහි නගර සභාව නිවේදනය කර ඇත්තේ ඉන්දීය අසහාය ගායිකා 90 හැවිරිදි ලතා මංගේෂ්කර් සහ ඇගේ පවුලේ සාමාජිකයන් බේරාගැනීම සඳහා මෙය සිදුකර ඇති බවයි.
තවද ගායිකා ලතා මංගේෂ්කාර්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ව්‍යාජ කට කතාවලට නොරැවටෙන ලෙස ද ඇගේ පවුලේ සාමාජිකයන් නිවේදනයක් නිකුත් කර ඇත.
මේ අතර ඉන්දියාවේ ඊයේ දිනයේ නව කොවිඩ් ආසාදිතයන් ලෙස 78,000ක් වැඩිවී තිබෙනවා. ඒ අනුව සමස්ත ඉන්දීය ආසාදිතයින් ගණන තිස් පන්ලක්ෂය ඉක්මවා තිබෙනවා ඇත.
තව ද ප්‍රවීන ඉන්දීය සිනමා නළු අමිතාබ් භච්චන්, අභිෂේක් භච්චන් සහ එෛශ්චර්යා රායිට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟම මුම්බායි හි පිහිටි ඔවුන්ගේ නිවහන් 5කට ද මේ ආකාරයෙන් මුද්‍රා තැබූවා.