News

විදෙස්ගතව ලාංකිකයින් පිරිසක් දිවයිනට

ජෝර්දාන් සහ කටාර් රාජ්‍යවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 305 දෙනෙකු අද (18) අලුයම දිවයිනට පැමිණ තිබේ.

කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් එරට විදේශීය වානිජ නැව් වල සේවය කළ ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇත.

ජෝර්දානයේ අම්මාන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ – 1506 දරන විශේෂ ගුවන් යානයෙන් එරට සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 285 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මොවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කර තිබේ.