News

විල්පත්තු කෝමාරිකා ගැන පරිසර අධිකාරියෙන් පරීක්ෂණයක්

විල්පත්තුව ආශ්‍රිත රාජාංගණය යාය 18 ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සිදු කෙරෙන කෝමාරිකා වගාව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත.

ඒ අනුව අදාළ කෝමාරිකා වගා භූමි ප්‍රදේශය විල්පත්තුව ප්‍රේරක කලාපයට අයත්දැයි විමර්ශනය කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ පැවසීය.

මෙම කෝමාරිකා වගාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ උතුරු මැද පළාත් කාර්යාලය විසින් අවසරය ලබා දී ඇතත් ඒ පිළිබඳව කොළඹ ප්‍රධාන කාර්යාලයට දැනුම් දී නොමැති බවද අනාවරණය වී තිබේ.

මේ පිළිබඳව විමර්ශනය කිරීමට විශේෂ කණ්ඩායමක් රාජාංගණයට යවන බවද එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

 

සාලිය කුමාර ගුණසේකර