News

අංගොඩ ලොක්කාගේ සහයකයෙක් අත්අඩංගුවට

විදෙස්ගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කාගේ සහයකයෙකු මුල්ලේරියාව ප්‍රදේශයේ දී ඊයේ(9) අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ මර්දන ඒකකයට ලද බුද්ධි තොරතුරක් මත හෙරොයින් ග්‍රෑම් 10ක් ද සමඟ මේ පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇත.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලීසිය වෙත භාර දී තිබේ.