News

අඛණ්ඩව ගුණාත්මක බවෙන් ඉහළ ඉන්ධන මහජනතාව වෙත ලබාදීමට වග බලාගන්න – ඇමති මහින්ද

ඉන්ධන සම්බන්ධයෙන් මහජනතාවගේ වරින් වර විවිධ චෝදනා එල්ල වන නිසා සෑම විටම අඛණ්ඩව ගුණාත්මක භාවයෙන් ඉහළ ඛනිජ තෙල් නිෂ්පාදන වෙළඳපලට සැපයීමට පියවර ගන්නා ලෙසට විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඊයේ (12) ඛනිජ තෙල් අමාත්‍යාංශයේ පැවැති ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකරනු ලබන කටයුතු සමාලෝචනය කිරීමේ රැස්වීමක්දී මේ බව අමාත්‍යවරයා සදහන් කළේය.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන ආයතනයක් වුවත්, එම ආයතනය තවදුරටත් ඉහළ ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සඳහා සියලු කාර්ය මණ්ඩල කැපවී කටයුතු කළ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සම්බන්ධ සියලු නිලධාරීන් තම රාජකාරිය නිවැරදිව වගකීමකින් යුක්තව ඉටුකරන ලෙසත් ඉල්ලීමක් කළේය.