News

අත්අඩංගුවට ගනු ලබන සියලුදෙනාට සමානව සලකන්න – ජනපති

අත්අඩංගුවට ගනු ලබන සියලුදෙනාට සමානව සලකන ලෙසත්, කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.

කුමන හේතුවක් නිසා හෝ බාහිර අරමුණු මුල්කොටගෙන කවරෙකු හෝ අත්අඩංගුවට නොගත යුතු බවත් එතුමා අවධාරණය කළ අතර කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම කළ යුත්තේ අදාළ වගකීම ඉටුකරන නිලධාරීන්ගේ වෘත්තීය විනිශ්චය අනුව බවත් සඳහන් කර ඇත.

ස්වාධීනව සහ කිසිදු බිය ගැන්විමකින් හෝ අනුග්‍රහයකින් තොරව එම කි කරුණු සිදුවන බවට සහතික කරගතයුතු යැයි ද වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙස ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර මහතාට උපදෙස් දී ඇත.