News

අත්අඩංගුවට පත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් 10 දෙනා අද අධිකරණයට

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ අත්අඩංගුවට පත් සිසුන් 10 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් 04 දෙනෙකුට පහර දීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ 03 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් 10ක් ඊයේ (11) දින අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 06 වැනිදා ලැබුණු පැමිණිල්ලකට අනුවය.