News

අන්තර්ජාලය හරහා ළමා අපචාර කළ සැකකරුවෙක් අත්අඩංගුවට

අන්තර් ජාලය හරහා ළමා අපචාර සිදුකිරීම සම්බන්ධව 21 හැවිරිදි සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු පරිඝණක ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු බවත් සර 03කට අධික කාලයක සිට අන්තර් ජාලය හරහා කොළඹ හා අවට ජනප්‍රිය පාසල්වල පිරිමි ළමුන් රවටා නිරුවත් ඡායාරූප සහ විඩියෝ දර්ශන ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්,ෆේස්බුක් සහ ස්නැප්චැට් වැනි සමාජ ජාල ගිණුම් හරහා මෙය සිදු කර ඇති බව පරීක්ෂණ වලින් සොයා ගෙන ඇත.