News

අත්‍යවශ්‍ය ආහාර රැගත් කන්ටේනර් 4000 ක් වරායට

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාලයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් කන්ටේනර් 4000 කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ වරායට ළඟා වූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

මෙම කන්ටේනර් වල අර්තාපල්, ලොකුලූනු, සුදු ලූනු, රතු ලූනු, සෝයා වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තිබී ඇත. පසුගිය 13 වැනිදා සිට 24 වැනිදා දක්වා කන්ටේනර කොළඹ වරායට පැමිණ තිබේ.

මෙම කාලයේ කන්ටේනර 1783 කින් මෙරට නිමි භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍යයද අපනයන කර ඇත. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද, වරාය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව වරාය අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පවසයි.

උදයජීව ඒකනායක