News

අතුරුදන්වු පොලිස් කොස්තාපල්ගේ සිරුර කැලෑවකින් හමුවෙයි – සැකපිට අයෙකු අත්අඩංගුවට

කඩවත පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී අතුරුදන් වු පොලිස් කොස්තාපල්වරයාගේ මල සිරුර පන්නල වේරහැර ප්‍රදේශයෙන් සොයාගෙන තිඛේ.

මෙම ඝාතනයට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

පොලිස් කණ්ඩායම් 03 ක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණා. ඒ අනුව අදාල පොලිස් කණ්ඩායම් කංකානිමුල්ල කැලයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා. පසුගිය 16 වනදායි මෙම පොලිස් නිලධාරියා අතුරුදන්වී ඇති බවට වාර්තා වුණේ.