News

අදත් බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. (75-100)පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසිද ඇතිවිය හැක.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී.(20-30) පමණ වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.