අද උණුසුම ගැන දැඩි අවධානයෙන් ඉන්න
බස්නාහිර, වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්හි අද (27 වැනිදා) දිනයේ උණුසුම් දර්ශකය සෙන්ටිග්‍රේඩ් අංශක 32ත් 41ත් අතර තත්ත්වයක පවතින බැවින් ඒ පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
උණුසුම් දර්ශකය (සිරුරට දැනෙන උණුසුම) අද (27 වැනිදා) දිනයේ වැඩි අවදානම් තත්ත්වයක පවතින බැවින්, විජලනය, සිරුරේ ලවණ ඉවත්වීම නිසා මස්පිඩුපෙරළීම, අධික මහන්සිය, සිහිසුන්වීම, ආඝාත තත්ත්වයන් ඇතිවීම ආදී තත්ත්වයන් උද්ගතව විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අධික උෂ්ණත්වය නිසා වැඩබිම්වල සේවය කරන ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත්වීම, වාහන තුළ දරුවන් තබා නොයෑම,එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු නොයෙදීම, පාසල් දරුවන් ක්‍රීඩා කටයුතුවලට නොයෙදීම ආදී කරුණු පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
සාලිය කුමාර ගුණසේකර
