News

අද දහවල් 12 වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 50 ඉක්මවයි

දිස්ත්‍රික්ක ගණනාවක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය අද දහවල් 12 වන විට සියයට 50 ඉක්මවා ඇත.

සියයට 55 ඉක්මවූ දිස්ත්‍රික්ක වූයේ හම්බන්තොට, මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කයන් වන අතර බදුල්ල දිස්ත්‍රික්කය සියයට 60ක් ලෙස වාර්තා වි ඇත.

එමෙන්ම අද දහවල් වන විට පොලොන්නරුව සියයට 52 ක්, නුවරඑළිය සියයට 50 ක්, ගාල්ල සියයට 50 ක්, කලුතර සියයට 50, මාතර සියයට 50, ගම්පහ සියයට 40 ක් ලෙසද කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 40 ක් ලෙස ද සටහන්ව තිබු අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ සියයට 45 ක් ලෙසද ඡන්ද ප්‍රතිශතය සටහන්ව ඇත.