News

අද සිට ලංගම බස් නිරෝධායනය කරයි

උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංගම රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට මුඛ ආවරණ ලබාදීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඉල්ලා සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ මගී ප්‍රවාහන කළමනාකරණ හා විදුලි බල ඇමැති මහින්ද අමරවීරගෙන් ඉල්ලීමක් කරයි.

දිනකට දහසකට කට වඩා වැඩි මගීන් සංඛ්‍යාවක් සමග අනිවාර්යයෙන්ම කටයුතු කිරීමට සිදුව ඇති නිසා මෙම පිරිසට පවතින කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානය සැලකිල්ල්ට ගනිමින් එම සංගමය මෙම ඉල්ලීම කර තිබේ.

මේ සම්බන්ධව විමසීම සඳහා “අරුණ” ඇමැති මහින්ද අමරවීර සහ ලංගම සභාපති කිංස්ලි රණවක සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද එය ව්‍යර්ථ විය.

කෙසේ නමුත් අද (16 වැනිදා) දින සිට දිවයින් පුරා ඇති ලංගම බස්රථ නිරෝධායනය කිරීමේ කටයුතු ආරම්භ කරන බව මේ පිළිබඳව අදහස් දක්වමින් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශයේ මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව එය කොළඹ බැසිටියන් මාවතේ පිහිටි බස් නැවතුපොළෙන් ආරම්භ කිරීමට නියමිතය.

 

ශිරන්තනි මානවඩු