News

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පංච පුද්ගල ජනපති කොමිසමක්

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳ විමර්ශනයට පංච පුද්ගල ජනපති කොමිසමක් පත් කර ඇත.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසමට අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරියක වන ඩබ්ලිව්.එම්.එම්.අධිකාරී ද ඇතුළත්ව ඇත.

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළ සිද්ධීන්, පුද්ගලයන්, සංවිධාන හඳුනාගැනීම මෙන්ම ඊට අදාළව රාජ්‍ය නිලධාරීන් වැරදි ලෙස බලය යොදාගැනීම, අතපසුවීම් සහ වගකීම් පැහැරහැරීම් ආදිය පිළිබඳවද විමර්ශනය කිරීම මෙම කොමිසමට පැවරී ඇත.