අපේක්ෂකයකු වෙනුවෙන් කෝටි 20ක්
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින එක් අපේක්ෂකයකුට ඡන්දය සඳහා රුපියල් කෝටි 20කට වැඩි මුදලක් වැය කෙරෙයි.
අපේක්ෂකයන් 35 දෙනකු ඉදිරිපත්ව සිටින නිසා ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 700ක පිරිවැයක් අවශ්‍ය වේ යැයි මැතිවරණ කොමිසම මීට පෙර තීරණය කළේය. එහෙත් දැනටම ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 35 දෙනාගෙන් එක් අයකු තරගයෙන් ඉවත්ව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන බව පැවසීය.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පසුගියදා පැවැසුවේ ප්‍රධාන අපේක්ෂකයන්ට සහාය ලබාදෙන අපේක්ෂකයන් 18 දෙනකු හඳුනාගෙන ඇති බවයි.
චමින්ද සේනාරත්න
