අප රවට්ටපු නිසා ලාංඡනය ප්‍රමාද වුණා
දුරකථනය යනු මේ රටේ ජනතාවට නැතිවම බැරි උපකරණයක් බැවින් සිය සන්ධානයේ ලාංඡනය ලෙස එය තෝරා ගත් බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය.
එම කණ්ඩායම කාලයක් තිස්සේ රැවටීමට ලක් වූ බැවින් මෙම ලාංඡනය හඳුන්වා දීමට ප්‍රමාද වූ බවත් මහ ලේකම්වරයා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ පැවැති සමගි ජන බලවේගයේ ලාංඡනය වන ‘‘දුරකථනය’‘ ජනගත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
ජනතාව බලාපොරොත්තු වුණේ දේශපාලනයේ අලුත් ගමනක්.
අද අපි ඒ දේ කරල තියෙනවා. අද මේ රටේ දූෂණය, වංචාව පිටු දකින්න විශාල පිරිසක් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා.
සිය සමගි ජන බලවේගයේ සිංහලකම, බෞද්ධකම පවතින බවත් මහ ලේකම්වරයා පැවසීය.
එසේම එහි දෙමළ මුස්ලිම් ජනතාවටත් පැහැදිලි ඉඩක් පවතින බවත් මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
චාමර පල්ලේගෙදර
