News

ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 3 ඉක්මවයි – මරණ 8,452යි

ඇමෙරිකාවේ කොරෝනා වෛසරය ආසාදිතයින් සංඛ්‍යාව 311,357ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලොව වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව සිටින ඇමෙරිකාවේ ගතවූ පැය 24 තුළදී හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 34,196ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ඇමෙරිකාවේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ නිව්යෝර්ක් ප්‍රාන්තයෙන්වීම ද විශේෂත්වයක්.

එම ප්‍රාන්තයෙන් පමණක් ආසාදිතයින් 114,775ක් මේ වන විට වාර්තා වී තිබේ.

ඇමෙරිකාවේ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවද වාර්තා වන්නේ නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් වන අතර, එම සංඛ්‍යාව 3,565ක් වේ.

ඒ අනුව ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 8,452කි.

කොරෝනා ආසාදිතයින් 14,825දෙනෙකු සුවය ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.