News

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට කටයුතු කරනවා

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට කටයුතු කරන බව ප‍්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

එම බස් සේවාව මගී ජනතාවට කිසිඳු පහසුකමක් නොදී මගී ජනතාව ගසාකන බස් සේවාවක් බවට පත්ව ඇති බැවින් පාර්ශව ගණනාවක් සමග සාකච්ඡ කර මෙම තීරණය ගෙන ඇති අතර ජාතික ගමනාගමන කොමිසම මගින් මගීන් 10,000කගෙන් කළ මත විමසුමකදී එම මගීන් සියලූ දෙනාගේ අදහස වී ඇත්තේ මෙම බස් රථ සේවාව අහෝසි කළ යුතු බව යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.