නවතම ප්‍රවෘත්ති

අරුන් ඩයස් බණ්ඩාරනායකගේ නිවේදන පිටපතකට අලින්ගේ අනුමැතිය ලැබිලා

 

ගහකොළ, සතා සීපාවා ගැන දැන කියා ගැනීමට අද කාලයේ ඇති මාර්ග රැසකි. එහෙත් දැනට දශකයට දෙකකට එපිටින්නම් ඒවා ගැන කරුණු දැනගැනීමට වූයේ ඩිස්කවරි, ඇනිමල් ප්ලැනට් වැනි විදේශීය නාලිකාවන්ගෙනි. ඊට අමතරව, දේශීය නාලිකාවල විකාශය වූ පරිසර වැඩසටහන් කිහිපයකින් පමණක් ඊට ඉඩකඩ ලැබිණි. ඒවාට තිබුණේ විශාල ඉල්ලුමකි. එනිසාම එම වැඩසටහන් ඉදිරිපත් කළ නිවේදක නිවේදිකාවෝ ද ජනප්‍රිය වූහ. අරුන් ඩයස් බණ්ඩාරනායක ද මෙරට අතිශය ජනප්‍රිය ප්‍රවීණ නිවේදකයෙකි. ඔහු වැඩි වශයෙන් ප්‍රචලිතව සිටින්නේ ඉංග්‍රීසි බස මනාව හසුරුවන නිවේදකයකු වශයෙනි. වයිල්ඩ් ඒෂියා ඔහුගේ මාධ්‍ය ජීවිතයේ සුවිශේෂී පරිසර වැඩසටහනකි. ගහකොළට, සතා සීපාවාට ආදරය කිරීමට ඔහු මිනිසුන් පෙළඹවූ අයුරු සුන්දරය. ඇතැමුන් ඔහු හැඳින්වූයේ පරිසරයට ආදරය කිරීමට ඉගැන්නූ ඉංග්‍රීසි මහත්තයා ලෙසිනි. ඒ අන් කිසිවක් නිසා නොව, ඉංග්‍රීසියෙන් නිවේදනයට නම් දරා සිටියත්, මේ වැඩසටහන ඔහු සිංහල බසින් සරලව ලගන්නා පරිදි ඉදිරිපත් කළ නිසාය. කොළ පැහැති ටීෂර්ටය සහ වයිල්ඩ් ඒෂියා ලාංඡනය සහිත කළු පැහැ තොප්පිය පැළඳ සිටි ඔහුගේ දසුන බොහෝ දෙනෙකුගේ මතකයේ තවමත් රැඳී ඇති බවට සැකයක් නොවේ.

 

පරිසර වැඩසටහන් කරද්දී පැයෙන් දෙකෙන්, දවසින් දෙකෙන් කිරීම අසීරුය. ඇතැම්විට දින දහයක්, දොළහක් අදාළ කලාපවල නැවතී සිටීමට වැඩසටහනට සම්බන්ධ වන්නන්ට සිදුවේ. එවැනි අවස්ථාවල ඔවුහු බොහෝවිට අදාළ ප්‍රදේශයේ ඇති සංචාරක බංගලාවක නවාතැන් ගනිති. වර්ෂ 2008 හෝ ඒ ආසන්න දිනයක වයිල්ඩ් ඒෂියා කණ්ඩායම උඩවලවට ගියේය. ජාතික වනෝද්‍යානය ඇතුළත වූ බංගලාවක ඔවුන්ට නවාතැන් ගැනීමට නියමිතව තිබිණ. දින කිහිපයක් නැවතී සිටීමට අවැසි කළමනාද රැගෙන රථයේ නැගී ඔවුහු වනයට පිවිසියහ. පළමුව බඩු බාහිරාදිය බංගලාවට ගොසින් දැමිය යුතුය.

 

වනයට ඇතුළු වී ටික දුරක් යද්දීම ඔවුන්ගේ ඇස ගැටුණේ අපූරු දසුනකි. පුංචි අලි පැටවෙකු මඩ වළක බැස සෙල්ලමේය. සාමාන්‍යයෙන් පැංචන් තනිව සිටිනවා දැකිය නොහැක. අම්මලා, පුංචි අම්මලා, ලොකු අම්මලා  නැන්දලා පැටවුන් වට කරගෙන සිටීම සාමාන්‍ය සම්ප්‍රදායයි. එසේ වුව ද මඩේ බැසගත් මේ හාදයා සිටියේ තනිවමය. වන සතුන්ගේ චර්යා ගැන බෙහෙවින් උනන්දුවක් දක්වන කැමරා ශිල්පී ජයන්ත ද මෙල්ට මේ අවස්ථාව මගහැර ගන්නට ඕනෑ නොවීය. ඇතැම්විට සිය වෙනත් වැඩ පවා පසෙකලා වනජීවීන් බලන්නට එන ජයන්තට මෙය මහඟු අවස්ථාවක් විය.

“ආ… හරි. හරි. රිවස් කරමු. මේක ගමු. ඉක්මනට මොකක් හරි රස කතාවක් ලෑස්ති කරගන්න.”

රෂ්නිකා ලියනගේ

තොරතුරු – ප්‍රවීණ මාධ්‍යවේදී අරුන් ඩයස් බණ්ඩාරනායක

සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න