News

 අලුතෙන් NGO වලට ඉඩ නැහැ

ශ්‍රී ලංකාවට රාජ්‍ය නොවන සංවිධාන ඔස්සේ ලැබෙන සියලු විදේශ අරමුදල් හා ආධාර පුළුල් නියාමනයකට ලක්වන පරිදි රාජ්‍ය නොවන ලේකම් කාර්යාලයමහ බැංකුවේ මූල්‍යබුද්ධි ඒකකය හා ජාතික බුද්ධි ප්‍රධානී ඒකක කමිටුවක් ගොඩනැගිය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංසික කාරක සභාව නිර්දේශ කර ඇත.

එසේ ලැබෙන මුදල් සමාජයේ සියලු ජන කොටස්වලට පොදු ප්‍රතිලාභ ලැබෙන පරිදි සමාජයීය කටයුතු වෙනුවෙන් යෙදවීමත්විදේශ ආධාර මුදල් විගණනයකට ලක් කළ යුතු බවටත් යෝජනා කර තිබේ.

මීට අමතරව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන එන පනතක් මගින් එක් ජනවර්ගයකට හෝ ආගමික කණ්ඩායමකට පමණක් ප්‍රතිලාභ අත්වන පදනම්භාර අරමුදල්  හා සංවිධාන නීතිගත නොකිරීමට හැකි වන පරිදි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කිරීමටද යෝජනා කර ඇත.

චමින්ද සේනාරත්න