News

අල අස්සේ කුඩු හැංගු මහ මොලකරු ඇතුලු 11 ක් අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාන්ශයේ නිලධාරීන් මිගමුව කොච්චිකඩේදී අල්ලා ගත් පාකිස්තාන අල කන්ටේනරය තුලවු අල ගෝනි අතර තිබි අල ගෙඩි ලෙස සැකසු කුඩු බෝල 388ක් හමුවි ඇත .

අල කන්ටේනරයේ අල ටොන් විසිපහක් අඩංගු ගෝනි එක්දහස් අටසියකට ආසන්න ප්‍රමාණයක් තිබි ඇති අතර ඉන් ගෝනි ව්සිපහක කුඩු සහිත බෝල තිබි ඇත .
එම කුඩු තොගයේ බර කිලෝගැම් 99 කුත් ග්‍රැම් 470ක් තිබි ඇත .

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාන්ශයේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් එක්ව කල මෙම මෙහෙයුමේදී පාකිස්තාන ජාවාරම්කරු සමග සැකකරුවන් 11 අල්ලා ගෙන ඇත ..

 

තිස්ස රවීන්ද්‍ර පෙරේරා