News

ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනපති යටතට

ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගෙන තිඛේ.

ඒ ජනාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රියේ නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයකට අනුවයි.

ආගමන විගමන කටයුතු සහ ශ්‍රී ලාංකික පුරවැසිභාවයට අදාළ කටයුතු මේ තුලින් ආරක්ෂක අමාත්‍යංශය යටතට පැවරෙනු ඇති.

මීට පෙර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට අයත්ව තිබු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවතිණි.