ආණ්ඩුව දණ ගස්සන්න වෙල්ගමගෙන් නව පක්ෂයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යලි ගොඩ නැගිම වෙනුවෙන් සියලු පාර්ශව එක්කර ගනිමින් නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
නව ලංකා නිදහස් පක්ෂයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් එහි නායක කුමාර වෙල්ගම මහතා මේ බව පැවසිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ඇදවැටී ඇති තත්වයෙන් ගොඩ ගැනිමට කටයුතු කරන බවයි වෙල්ගම මහතා සඳහන් කළේ.
නව පක්ෂය ගොඩ නැගිමට හිටපු ජනාධිපතිණි චන්ද්‍රකා බන්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආශිර්වාදය ඇතිව නව පක්ෂය ආරම්භ කළ බව ද ඔහු පැවසීය. ආණ්ඩුව බලවත්යැයි පැවසුවද මහ මැතිවරණයේදී සියලු දෙනා එක්වුවහොත් ආණ්ඩුවට රිදවිය හැකි බවයි කුමාර වෙල්ගම මහතා සඳහන් කළේ.
ඉදිරියේදී ආණ්ඩුව දණ ගැස්වීමට මහසෝනා සමග වුවද එක්විය යුතු බව කුමාර වෙල්ගම මහතා පැවසීය
