News

ආර්ථිකය යළි පනගැන්විමේ උපාය මාර්ග සති අන්තයේ දී ප්‍රකාශයට

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් අඩාල වූ ජනජීවිතය යථා තත්ත්වයට පත් කොට ආර්ථිකය යළි පනගැන්විමේ අරමුණින් මෙම උපාය මාර්ග සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම උපාය මාර්ග මෙම සති අන්තයේ දී ප්‍රකාශයට පත් කරන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.