ඇදිරි නීතියෙන් පසු භාණ්ඩ මිලදී ගන්න විශේෂ වැඩපිළිවෙලක්
කොළඹ දිස්ත්‍රික්කයේ ඇදිරි නිතිය අවසන් වු වහාම ජනතාවට අවශ්‍ය සියලු දේ සමුපකාර හා සතොස වෙලදසැල් වෙතින් මිලදි ගැනිමට මේ වනවිට සියලුම තැන් වලට ලොරි පිටත් කර යැවීමට උපදෙස් දී ඇති බව කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න “අරුණ”ට පැවසිය .
ඇදිරි නිතිය අවසන් කල පසු වෙලදසැල් තුල එක්වර පොදියට එක්විම වලක්වාලිමේ අරමුණින් පොලිසිය හා ග්රාමනිලදාරින් යොදා පරතරයක් ඇතිව පෝලිම්වල ගොස් භාණ්ඩ මිලදී ගැනිමේ වැඩපිළිවෙළක් යොදා ඇති බවද හෙතෙම කීය.
සතොස බලදාරින්,සමුපකාර නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් කැදවා කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න මේ පිලිබදව විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත .
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
