News

ඇදිරි නීතිය පැනවීමේ අපේක්ෂාව

ජනතාව ඒකරාශී වීම වළක්වා නිවාසවල හුදකලා කිරීම ඇදිරි නීතිය පැනවීමේ අපේක්ෂාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීමට හැකියාව මෙයින් සිදුවන බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සදහන් කළේය.

ජනතාව නිවාසවල හුදකලා වීම නිසා වෛරස ආසාදනය අවදානමකටලක්ව සිටින පුද්ගලයින්ට ස්වයං නිරෝධායනට පහසුව සැලසෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය වැඩිදුරටත් පවසයි.