News

ඇඳිරි නීතියට පිටින් ගිය පුද්ගලයින්ට චෝදනා ගොණු කරයි

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසක් සහ ඔවුන්ට අයත් රථ වාහන 800 කට ආසන්න ප්‍රමාණයක් පසුගිය දින කිහිපය තුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද අප පොලිසියෙන් විමසීමක් කළා.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් පළමුව අදාල පොලිස් වසමේ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත යොමු කර ඇදිරි නීතිය කඩ කිරිමට හේතු පිළිබද මුලික විමර්ශනයක් සිදුකරන බවයි.

පසුව ඔවුන්ට එරෙහිව චෝදනා ගොණු කිරිමේ කටයුතු සිදුකරන බවත් පොලිසිය විසින් බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කිරිමට පියවර ගනු ඇත.

ඇදිරි නීතිය කඩකළ පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකළ මුලික විමර්ශනවලට අනුව පොලිස් ඇප මත අදාල සැකකරුවන් සහ ඔවුන්ට අයත් වාහන නිදහස් කිරිමේ හැකියාව එම ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරයා සතුව පවති.

එමෙන්ම යම් හෙයකින් අධිකරණ කටයුත්තකට යොමු කළ හොත් ඔවුන්ට රුපියල් 2000 සිට රුපියල් 10000 දක්වා සහ මාස 6 ක සිරදඩුවමක ද යටත් කිරිමට අධිකරණයට හැකියාව ඇත.

දැනට අත්අඩංගුවට ගත් සියලු පුද්ගලයින්ට ඓරහිව චෝදනා ගොණු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි

 

හේමන්ත ලියනපතිරණ